Sunday, February 22, 2026
Follow Us
සංචරණ සීමා දැඩි වෙයි – විවාහ මංගල්‍යය උත්සවත් තහනම්

විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ


2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවය.

එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත.

අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ ඒ්වායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි.

එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි ද රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

(Aruna)