Sunday, February 22, 2026
Follow Us
අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහනවලට දැනුම් දීමක්

සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 582කට සිදුවූ දේ


පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (14) දිනයේදී බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ නිරෝධායන මෙහෙයුම්වලදී පුද්ගලයින් 108 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම මෙහෙයුම්වලදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,359ක් බවය.

අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

(Aruna)