Sunday, February 22, 2026
Follow Us
ඇමරිකාවේත් එංගලන්තයේත් අත්දැකීම් අනුව රට වසා දැමීම එකම උත්තරය හැටියට සලකන්න අමාරුයි - රමේෂ්

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසාදැමීම එකම පිළිතුර ලෙස සැලකීමට අපහසු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

"ඔබ දකිනවා ඇමරිකාවෙත් එංගලන්තයේත් මාස ගණනක් රට වහලා තිබුණා. හැබැයි නැවත නිදහස් කිරීමෙන් පසුව රෝගය විශාල ලෙස පැතිරී යනවා. ඒක අපට එකම උත්තරය හැටියට සලකන්න අමාරුයි. එනිසා අපි සෑම පැත්තකින්ම ගතයුතු ක්‍රියාමාර්ග ආණ්ඩුව හැටියට අරගෙන තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)