වත්මන් රජය සෑම අවස්ථාවකදීම බදු සංශෝධන සිදුකළේ ජනතාව ආනයනික භාණ්ඩ පරිභෝජනයෙන් ඈත්කර දේශීය නිෂ්පාදන පරිභෝජනය සඳහා යොමු කරවීමට බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
"අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනෙ කාරණය තමයි මේ ආර්ථිකමය වශයෙන් ධනවත් සහ ශක්තිමත් රටක් වගේම ආර්ථිකමය දුර්වල රටවල් සියල්ල බරපතළ අභියෝගයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නෙ. අපි බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් සිදුකරලා තියෙනවා. ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ මූලික අරමුණ බවට පත්වෙන්නෙ සෑම අවස්ථාවකම අපේ රටේ දේශීය නිෂ්පාදනයට හානියක් නොවෙන්න ආනයනය සඳහා ජනතාව යොමුවීම වළක්වලා ජනතාව දේශීය නිෂ්පාදනය පරිභෝජනය සඳහා අවශ්‍ය බදු සංශෝධන තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. මේ පවතින තත්වය තුළ ආර්ථිකයට රජයට ලැබෙන ආදායම හීනවෙලා ගිහිල්ලා තියෙනවා. ඉතිං මේ සියල්ල හමුවේ අපි කළමනාකරණයක් කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)