අත්‍යාවශ්‍ය සේවා සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීමට ආයතනික වශයෙන් බස් රථ ඉල්ලුම් කළහොත් ඒ සඳහා අවසර ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම බස් රථවල ගමන් කළ හැක්කේ ඉල්ලුම් කරන ආයතනයේ සේවකයින්ට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එලෙස බස්රථවලින් ප්‍රවාහනය කෙරෙන සේවකයන් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍යදැයි සොයා බැලීමක්ද සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසුවේ.
(Neth)