Sunday, February 22, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් 42 කට ළඟදීම නඩු

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් 42 දෙනෙකුට එරෙහිව මේ මස අවසන් වීමට පෙර අධිකරණය හමුවේ නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවයි.

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නඩු පැවරිය නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ මාරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට වසර 07ක් ගත වූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ මේවනවිට සිදුකරන විමර්ශන තුළින් සත්‍යය අනාවරණ වේයැයි කිසිඳු විශ්වාසයක් නොමැති බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ.

(Neth)