Friday, April 24, 2026
Follow Us
මුව ආවරණ නොපළදින අය අද සිට අත්අඩංගුවට

නිසි ලෙස මුව ආවරණ නොපළදින තැනැත්තන්ව අද (14) දින සිට අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි තැනැත්තන් වරෙන්තුවක් නොමැතිවම අත්අඩංගුවට ගැනීමට හැකි බවයි අජිත් රෝහණ මහතා .සඳහන් කරන්නේ.

මේ අතර ගෙවුණු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(LNW)