Sunday, February 22, 2026
Follow Us
බස්නාහිර පළාතේ නීති දැඩි කරයි : සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේෂ මාලාවක් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද ඇය මෙහිදී සඳහන් කර සිටියා.

(Neth)