Sunday, February 22, 2026
Follow Us
එන්නත් දෙකම ලබා ගත් ජනතාවට දැනුම් දීමක්

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්.

එලෙස ලියාපදිංචි වීමට නම් කුමන හෝ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 කම ලබාගෙන තිබීම අනිවාර්යය වනවා. එලෙස එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයින් 1945 ක්ෂණික දුරකථන අංකය හරහා ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා එහිදී ලබාදෙන උපදෙස් අනුව ලියාපදිංචි විය හැකියි.

එලෙස ලියාපදිංචි වීමේදී තමන් සතු කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ් පතෙහි කාණ්ඩ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා.

(Neth)