Sunday, February 22, 2026
Follow Us
සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

පළාත් අතර සංචරණය සිදුකළ හැකි අය මෙන්න


මේ වන විට දිවයින පුරා පාලනයකින් තොරව පැතිර යන කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම උදෙසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය විසින් පියවර ගැනුණා.

මේ අනුව පළාත් සීමා මායිම් වල පොලිස් මුරපොළවල් තර කෙරෙන අතර පොලිසියේ සහාය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් යෙදවීමට තීරණය කර තිබේ.

නව නීතිරීති අනුව පළාත් අතර සංචරණය සිදුකර හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන කාර්යමණ්ඩලවලට පමණයි.

කෙසේ වෙතත් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ද අවශ්‍යතාව අනුව පරීක්ෂාවට ලක් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබෙනවා.

(Aruna)