කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ හමුවෙන් පසු ඇමති කිවූ කතාව
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.
(Aruna)