Sunday, February 22, 2026
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරුන් ගත් තීරණය

ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට අනිවාර්යයෙන්ම කරන්න යන දේ


මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කරන ඇති එක්දින වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රීයේ අනිවාර්යයෙන්ම අවසන් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මගී ජනතාව ගැන සිතා එම තීරණය ගත් බවයි.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත්ව අද පෙරවරුවේ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට කටයුතු කර තිබිණි.

තම සංගමය එසේ සිදුකළ ද මෙතෙක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයට කිසිඳු සාකච්ඡාවක් හෝ විසඳුමක් ලබානොදුන් බව සුමේධ සෝමරත්න මහතා පැවසීය.

රට තුළ පවතින තත්ත්වය මත වැඩවර්ජනය තවදුරටත් සිදුකර ගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)