පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවෙයි
ඊයේ බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බවට වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බාධක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161ක් බවයි.
මීට අමතරව පළාත් සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හතරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඊයේ දිනය වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100ක් දක්වා ඉහළ ගියා.
මේ අතරට ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත්.
(Aruna)