රිජ්වේ ළමා රෝහලේ ආසාධිත දරුවන් 152ක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අද (12) වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් 152 ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ළමුන් රෝගීන් වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවයි.
එමෙන්ම වයස අවුරුදු 2ත් 14ත් අතර රෝගී දරුවන් නිවස තුළම රදවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා.
ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(Aruna)