Sunday, February 22, 2026
Follow Us
ගෑස් මිල වැඩිවේ

ලාෆ් ගෑස් මිල රු 363කින් ඉහළට


ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ යන අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)