Sunday, February 22, 2026
Follow Us
⁣වාහන ලයිසන් දෙන එකත් නවතී

කොවිඩ් බස්නාහිර වාහන බලපත්‍රයටත් බලපායි


රට තුළ මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (12) සිට තාවකාලිකව නතර කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ අගෝස්තු මස 31 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බවයි.

එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)