Sunday, February 22, 2026
Follow Us
වැඩිමිලට PCR සහ ඇන්ටිජන් කිරීම අද සිට නවතී

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ රෝහල් මගින් සිදු කරන PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500 ක උපරිම මිලක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2,000 ක උපරිම මිලක් නියම කෙරෙනු ඇති.

(Neth)