දුම්රිය ගමන් අවසරලත් පුද්ගලයින්ට පමණක් සීමා කෙරේ දුම්රිය ගමන් අවසරලත් පුද්ගලයින් සඳහා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය මගින් ගමන් කළ හැක්කේ රාජකාරී සඳහා යන පුද්ගලියින්ට පමණයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ රාජකාරි හැඳුනුම්පත හෝ ඒ බව තහවුරු කිරීම සඳහාවූ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කිරීමට මින් ඉදිරියට අවසර නොලැබෙන බවයි.
දුම්රියේ ගමන් කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් සහ අවසරපත් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින් වෙනුවෙන් ධාවනය කෙරෙන දුම්රිය ප්‍රමාණය ද ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සදහන් කළා.
(NEth)