Sunday, February 22, 2026
Follow Us
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් එක් ලක්ෂ 8,770 දෙනෙකුට එම එන්නත් මාත්‍රාව ලබාදීමත් සමඟයි. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන අනූ ලක්ෂ 57,321 ක්.

මේ අතර ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලයින් දෙලක්ෂ 77,120 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් ගණන විසිහය ලක්ෂ 46,162 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දිනය තුළ පුද්ගලයින් 30,487 දෙනෙකුට ලබාදී ඇති අතර ඊයේ දිනයේදී එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 2,447 ක්.

(NEth)