Sunday, February 22, 2026
Follow Us
නිවෙසේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාළාවක්

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී නිවෙස්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් හැකිතාක් විවේකීව කාලය ගත කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොරෝනා ආසාදිත කිසියම් අයෙකු තදබල රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දුන්නේ.

නිවෙස් ප්‍රතිකාර ලබන ආසාදිතයින් හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ මහන්සිය, පපුව හිර කිරීම වැනි අපහසුතාවලින් පෙළෙන්නේ නම් නිවසේ නොසිට රෝහලක් වෙත යොමුවිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)