Sunday, February 22, 2026
Follow Us
ගෙදර ඉන්න කොවිඩ් රෝගීන් බලන්න සීමාවාසික වෛද්‍යවරු

සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශයට


නිවෙස්වල රඳවා තබන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලැබීමට සිටින සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි.

ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී ඇය පැවසුවේ එම සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට අදාළ ලිපි මේවනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර අවසන් බවයි.
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග පෙර සූදානමක් ලෙස මෙම සීමාවාසික වෛද්‍යවරු ප්‍රතිකාර සඳහා යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ඇය කියයි.
එසේම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න ප්‍රකාශ කළේ කොවිඩ් වයිරසය සඳහා එන්නත් මගින් උසස් ආරක්ෂාවක් ලැබෙන නිසා වයස අවුරුදු තිහට වැඩි සියලු දෙනාම එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

(Aruna)