Sunday, February 22, 2026
Follow Us
එතෙර දික්කසාදේ මෙතර පිළිගන්න යයි

කලින් පිළි නොගත් නඩු තීන්දුව පිළිගන්න අවශ්‍ය විධි විධානය සකසයි


ශ්‍රී ලංකාවේ විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවැරීමෙන් ලබා ගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම නඩු තීන්දු මීට පෙර ශ්‍රී ලංකාව තුළ නොපළිගත් අතර ඒ හේතුවෙන් අදාළ පාර්ශවයන්ට දුෂ්කරතාවට පත්වීමට සිදුව තිබේ.

මෙරට තුළදී එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන්ට ශ්‍රී ලංකාවේදි දික්කසාද නඩුවක් පැවැරීමට සිදු වෙයි.

ඒ අනුව විදේශයන්හි සිදු කෙරෙන දික්කසාද, විවාහය අවලංගු කිරීම් හා අධිකරණයමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති පවුල් නීති උපදේශක කමිටුවට විසින්ද නිර්දේශ කර තිබේ.

(Aruna)