කිරිපිටි ආනයනය අත්හිටුවීමට සමාගම් තීරණය කිරීම හේතුවෙන් මේ වනවිට වෙළඳපොල තුළ දැවැන්ත කිරිපිටි හිගයක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
කිරිපිටි හිගය මගහරවා ගැනීමට අදාල ක්‍රියාමාර්ග ගැනීමේ සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමටයි කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙන්නේ.
කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව සොයාගත හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර කිරිපිටි ආනයනය සඳහා රජය අය කරන බදු සංශෝධනය කර ආනයනකරුවන්ට සහන සැළසීම හරහා අර්බුදය විසඳීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
බදු සංශෝධනය කිරීම හරහා හෝ වෙනත් ක්‍රියාමාර්ග හරහා හෝ කිරිපිටි අර්බුදය විසඳීමේ වගකීම මුදල් අමාත්‍යවරයා වෙත පැවරීමටයි අවසානයේදී කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙන්නේ.
(LNW)