රට වැසීම යනු තම විකල්ප ලැයිස්තුවේ හැමදාමත් තිබෙන එකක් බවත් එය තෝරාගන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ඒ අවස්ථාවට අදාළව අනෙකුත් සියලුම කාරණා ද සලකා බැලීමෙන් අනතුරුව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
"රට වැසීම කියන එක මම හැමදාම කිව්වා අපේ විකල්ප ලැයිස්තුවේ තියෙන එකක්. ඒක තෝරාගන්නවාද නැද්ද කියන එක අනෙකුත් සියලුම කාරණාත් එක්ක එකට තියලා අපි ගතයුතු තීරණයක්. ඒ නිසා අද විතරක් නෙවෙයි එදා ඉඳලාම ඒ විකල්ප ලැයිස්තුවේ ඒක තියෙනවා. අපේ ඔප්ෂන්ස් ගොඩේ ඒක තියෙනවා. වඩා සුදුසු එක අපි තෝරාගන්නකොට මේක සමහර වෙලාවට ඕගොල්ලොම දන්නවා වතාවකට රට ලිහිල් කරන පැත්තට හැරෙනවා, ආයෙ වතාවක රට වැසීමේ පැත්තට හැරෙනවා. ඒ ඒ අවස්ථාවේ හැටියටයි ඒ තීරණ ගැනෙන්නේ"
ප්‍රශ්නය - දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවාද ලොක්ඩවුන් එකකට යායුතුයි කියලා ?
"ලොක්ඩවුන් එකකට යායුතුයි කියන එක ගැන තමා මම කිව්වෙ, ඒකම තමා මම නැවතත් කියන්නෙ, ඒක අපේ විකල්ප ගොඩේ හැමදාම තියෙන එකක්. ඒක ඒ ඒ වෙලාවට අපි සියලු දෙනා ඒකට අදාළ පාර්ශ්වකරුවන් සියලු දෙනාම එකතුවෙලා තමා තීරණය ගන්නෙ. එහෙම නැතුව වෙනම අපි වෙනම ගිහිල්ලා මේක කළයුතුයි මේක නොකළයුතුයි කියන එක නෙවෙයි කරන්නෙ. එකට සාකච්ඡා කරලායි මේ තීරණ ගන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)