Sunday, February 22, 2026
Follow Us
හැටට වැඩි සහ රෝගාබාධ සහිත බස්නාහිර පුද්ගලයින්ට එන්නත් ලබාදෙන දින 03 ක මෙහෙයුම අද සිට

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කෙරෙනවා. මෙය 12 වනදා දක්වා ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

1906 අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි වන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. කොරෝනා මර්දන එන්නත ලබා නොගත් බොහෝ දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ජීවිත අවදානමෙන් මිදීමට එන්නත්කරණය අතිශය වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මිය ගිය බොහෝ පිරිසක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ වනවිට කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගයින් 40,000 ක් පමණ කොරෝනා මර්දන එන්නතේ කිසිදු මාත්‍රාවක් ලබාගෙන නොමැති බවද අනාවරණ වී තිබෙනවා.

(NEth)