මෙරට වෙළදපොල තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කිරීම සදහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අළෙවි කරන පුද්ගලයින්ට මෙතෙක් පනවා තිබූ රුපියල් 2,500 ක දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙම කැබිනට් පත්‍රිකාව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.
සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් සියයකට අඩුවෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.
(Neth)