Sunday, February 22, 2026
Follow Us
ආදාහනාගාරවල තදබදය මඩින්න යුද හමුදාව මැදිහත් වෙයි

දෛනිකව කොරෝනා මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රීක්කයේ ආදාහනාගාරවල තඳබදයක් හට ගෙන තිබෙනවා.

එමෙන්ම රාගම ශීක්ෂණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල මෘත දේහ ගොඩ ගැසී තිබුණා. යුද හමුදාවේ මැදිහත් වීමෙන් කඩිනමින් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)