Sunday, February 22, 2026
Follow Us
අවශ්‍ය නම් තෙවන මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදීද සාකච්ඡා කෙරුණු බවයි.

ඒ පිළිබඳ සොයා බලා ඕනෑම අවස්ථාවක තුන්වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සළසන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

තුන්වන මාත්‍රාවක් ලබා දීම පිළිබඳව මතුව ඇති කථාබහ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ වාර්ෂිකව කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී අවධානය යොමුවනු ඇති බවයි.

(Neth)