රටේ පවතින හදිසි තත්වය පිළිබඳව සලකා බලා වෘත්තීය අරගලය ලොක්ඩවුන් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වලින් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව සමග හෝ ජනාධිපතිවරයා සමග යම් ගැටලුවක් තිබේ නම් පෞද්ගලිකව සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඊයේ හම්බන්තොටදී මාධ්‍ය අමතමින් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ අවස්ථාවේදී අරගල කර, සියලු දෙනාගේ ජීවිත අවදානමට ලක් කරමින් උද්ඝෝෂණ පවත්වා ඉල්ලීම් දිනා ගත්තද එම ජයග්‍රහණය සැමරීමේ හැකියාවක් හෝ නොමැති බවයි. එනිසා රටේ තත්වය සලකා බලා අරගල නතර කිරීමට කටයුතු කරන ලෙසත් අයිතිවාසිකම් දිනා ගැනීමට වඩා මේ අවස්ථාවේදී අවධානය යොමුකළ යුත්තේ තමාගේත් තමා අවට සිටින ජනතාවගේත් ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව බවත් ඔහු සඳහන් කරනවා
වසංගත තත්වය පහව ගිය පසු ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
(LNW)