කිරිපිටි සමාගම් ඉල්ලා ඇති පරිදි රුපියල් 200ක පමණ මිල වැඩිකිරීමක් ලබාදුන්නොත් නම් කිරිපිටි වෙළඳපොලට වුවමනා තරම් ලැබෙනු ඇති නමුත් මේ අවස්ථාවේදී එවන් මිල වැඩිකිරීමක් සඳහා අවසර ලබාදීමට රජයට හැකියාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"මේ දවස්වල කොවිඩ් - 19 වසංගතය යටතේ මුළු ලෝකයේම සැපයුම් ජාලය කියන එක අඩපණ වෙලා තියෙන්නෙ. ඒක නිසා හැම රටකම ප්‍රවාහන ගාස්තු, නැව් ගාස්තු විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිල ඉහළ නංවන්න පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලලා තියෙනවා. නමුත් අපට එහෙම අවසර දෙන්න පුළුවන්කමක් නෑ මේ අවස්ථාවේදී. ඉතිං පහසු ක්‍රමය තමයි ඕනෙ තරම් කිරිපිටි දෙන්න කියලා ඉවර වෙලා රුපියල් 200කින් විතර මිල වැඩි කළොත් කිරිපිටි වෙළඳපොල පිරෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)