Sunday, February 22, 2026
Follow Us
රත්නපුරයෙන් හමුවී විශාල මැණික ඇතුළු මැණික් රැසක් චිනයයේ වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කිරීමට යයි

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වෙන මැණික් වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පවසනවා.

ඒ හරහා රටට විදේශ විනිමයද ලබා ගත හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික මෙතෙක් ලොව හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකෙනවා.

චීනය බලා මෙම මැණික් තොගය රැගෙන යාමට විශේෂ ගුවන් යානයක් ද යෙදවීමට නියමිතයි. මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් එම මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් අලෙවි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වෙත ඉකුත්දා උපදෙස් ලබා දුන්නා.

මේ අතර මැණික් කර්මාන්තය දියුණු කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)