Sunday, February 22, 2026
Follow Us
කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ළඟදීම

කොවිඩ් පරීක්ෂණවලට රෝහල් විවිධ ගාස්තු අය කරයි


කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි, තහවුරු කිරීම සඳහා සිදුකරන පි.සි.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික්ක 21 ක නිලධාරීන් විසින් පි.සි.ආර් පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

The standard coronavirus test, if available, works well—but can new diagnostics help in this pandemic? | Science | AAAS

එම පරීක්ෂා කිරීම්වලදී විවිධ රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පවසයි.

පි.සි.ආර් පරීක්ෂණයක් සඳහා රු. 5000 සිට රු. 9550 සිට දක්වා මුදලක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා 2000 සිට 5900 දක්වා පරාසයන්හි අය කිරීම් සිදු කරන බවට ආනවරණය වී ඇත.

පැන නැගී ඇති තත්ත්වය හමුවේ පි.සි.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට සිය අධිකාරිය දැනුවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

(Aruna)