Sunday, February 22, 2026
Follow Us
එන්නත් දෙකම ගත් අයට සංචාරක ස්ථාන විවෘත කරයිද?

සංචාරයට එන්නත්කරණ කාඩ්පත ඕන


පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට සංචාරක ස්ථාන විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළ අවසරය මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි.

සංචාරක ස්ථාන වෙත ඇතුළුවීමට පෙර පූර්ණ එන්නත්කරණයට ලක් වූ බවට තහවුරු කිරීම සඳහා එන්නත්කරණ කාඩ්පත හෝ එහි පිටපතක් ඉදිරිපත් කළ යුතු බවත් එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින්ට සංචාරක ස්ථාන වෙත ඇතුල්වීමට අවසර හිමි නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසයි.

(Aruna)