රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම යළිත් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදියර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවා ස්ථාන වෙත කැඳවන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ.
මේ අතර රාජ්‍ය සේවකයන් අතර සිටින ගැබිනි කාන්තාවන් සේවයට කැඳවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් අවදානම මැද ගැබිනි කාන්තාවන් සේවයට කැඳවීම සම්බ්න්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අතර ඒ පිළිබඳව සලකා බලා මෙම තීරණයට එළඹ තිබේ.
(LNW)