Sunday, February 22, 2026
Follow Us
ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් හෝ නියාමනය කරන්න අවශ්‍යයි - අමාත්‍ය නිමල් සිරිපාල

ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

" මේ සිදුවන දේවල් වලට සමාජ මාධ්‍යයත් වගකියන්න ඕන. හොඳට උලුප්ප උලුප්ප පෙන්නනවා. මම කියන්නේ මේ තත්ත්වය උඩ අපි මේවා හරි විදිහට නියාමනය කරන්න නීති ගෙන්න ඕන. මේ ගැන මම හැමදාම මේ ගැන කැබිනට් මණ්ඩලයේදී කතා කරනවා.

අපි ඉස්තාලේ ඇරලා දාලා වගේ තියනවා. මොකක් හරි උනාම බලනවා මොකක්ද කරන්න පුලුවන් කියලා. එක්කෝ මේ සමාජ මාධ්‍ය රටේ තහනම් කරන්න ඕන. නැත්නම් ඒවා නිසි නියාමනයක් කරන්න නීති ගෙන්න අවශ්‍යයි. බලන්න චීනයේ සමාජ මාධ්‍ය නෑ. එහෙ තහනම්" අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

(Neth)