Sunday, February 22, 2026
Follow Us
60ට වැඩි අයට සයිනොෆාම් හෙට

වැඩිහිටියන්ට සයිනොෆාම් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න


මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා හෙට (05) ස්ථාන කිහිපයකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

හෙට උදෑසන 8.30 සිට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශීක්ෂණ රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝහල, අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාරමහදේවි උද්‍යානයේ දී එම එන්නත්කර‍ණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

(Aruna)