ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රියවල පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කාර්යාල වේලාවන්හිදී ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොවන බවට මගීන්ගෙන් චෝදනාවක් එල්ලවනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් ද කරුණු විමසීමක් කළා. එිහිදී ඔහු කියා සිටියේ ලබන සඳුදා සිට දැනට ධාවනය වන දුම්රිය ප්‍රමාණය සියයට 50 කින් වැඩි කිරීමට පියවර ගන්නා බවයි.
කාල සටහන්වලට අනුව සියලුම දුර ගමන් සහ අධිවේගී මාර්ගවල ලංගම බස්රථ ධාවනයද මේ වන විට ආරම්භ කැර ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණඩුක ස්වර්ණහංස පැවසුවේ.
ප්‍රවාහන බලධාරීන් එලෙස ප්‍රකාශ කළද අලුයම් කාලයේ සහ රාත්‍රී කාලයේදී බස් රථ ධාවනයේ අඩුවක් පවතින බව මගීන් චෝදනා කරනවා.
(Neth)