Sunday, February 22, 2026
Follow Us
මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් පොහොර ආනයනයට අවසර

මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අඩංගු ස්වභාවික ඛණිජ පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ මත ආනයන බලපත්‍රයක් යටතේ පමණක් එම පොහොර වර්ග ආනයනයට අවසර ලබාදෙන බවයි ආනයන අපනයන පාළන දෙපාර්තමේන්තුව පැවසුවේ. කෘෂි රසායනික සහ පොහොර වර්ග ආනයනය තහනම් කරමින් රජය විසින් ඉකුත් මැයි මස 06 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එහෙත් ඉදිරි කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සමස්ථ ප්‍රමාණය නිපදවීම අපහසු බැවිනුයි රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

(Neth)