රෝගීන් වැඩි වන විට රෝහල් පවත්වා ගෙන යාමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට සිදුවන බැවින් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය සඳහා කැඳවීම අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත කොවිඩ් එන්නත් ලබාදීම පළමුවෙන් ම සිදුකළ බැවින් මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම හා තාක්ෂණික දායකත්වයෙන් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙම අදහස් පළ කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ද එන්නත් ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරිය එහිදී සඳහන් කළා.
මේ අතර සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාල චක්‍රලේඛයෙන් සෞඛ්‍ය සේවය ඉවත් නොකළහොත් එළඹෙන 05 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉකුත් දා ප්‍රකාශ කළේ.
(NEth)