Sunday, February 22, 2026
Follow Us
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි - ජනපතිගෙන් ආඥාවක්

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදන පාර්ලිමේනතුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව මෙම ආඥාව නිකුත් කර තිබේ.

(LNW)