Sunday, February 22, 2026
Follow Us
ඡන්දහිමි නාමලේඛනයේ 2021 ලියාපදිංචිවීම් ගැන දැනුම්දීමක්

ඡන්දහිමි නාම ලේඛනයේ 2021 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබාදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ www.election.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම සිදුකළ හැකිය.

ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන 2021 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලැබූ ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීම.

ඡන්ද හිමි නාමලේඛනයේ නමෙහි අඩුපාඩු හෝ මුද්‍රණ දෝෂ නිවරැදි කිරීම.

2020 වර්ෂයේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම. එම මෙම වැඩපිළිවෙල යටතේ සිදුකෙරේ.

කෙසේ නමුත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ මේ සම්බන්ධයෙන් පවතින ගැටලු යොමු කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

(Aruna)