Sunday, February 22, 2026
Follow Us
අධ්‍යාපනය සඳහාම විශේෂ ගුවන් විදුලි නාලිකාවක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ අනුව ප්‍රාථමික, ද්විතීයික හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද එම නාලිකාව ඔස්සේ ආවරණය කෙරෙන බව කී ඇමතිවරයා හැකි ඉක්මනින් එම නාලිකාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කරයි.

ඊට අදාළ වියදම් අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ලබාගන්නා බව කී ඇමතිවරයා ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ඒකාබද්ධ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද පවසයි.

අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර ඇත.

(Aruna)