ශ්‍රී ලංකා පොලිසිය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.
එහිදී පොලිසියේ පරිපාලන රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අමාත්‍යංශ ලේකම් යටතේ ක්‍රියාත්මක වන කාර්ය පටිපාටි රීති සකස් කිරීම, සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම,විනය පාලන කටයුතු සඳහ අවශ්‍ය සංසෝධන සිදු කර විනය සංග්‍රහය යාවත්කාලීන කිරීම වැටුප් ව්‍යවස්ථාවක් සකස් කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.
සෙසු රාජ්‍ය සේවාවන්හි රාජකාරි වගකීම්, වගවීම්, අවදානම, වරප්‍රසාදවලට සාපේක්ෂව ශ්‍රී ලංකා පොලිසිය සමපාත කළ නොහැකි කරුණු 16ක් හඳුනාගෙන තිබේ.
වෘත්තීය අයිතිවාසිකම් නොමැති විට පැය 24 රාජකාරි ඉටු කිරීමට බැඳී සිටීම, අවම නිවාඩු ක්‍රියාත්මක වීම, අතිකාල දීමනා, නිවාඩු දින රාජකාරි දීමනා, පාරිතෝෂිත දීමනා නොමැති විට පැය 24 රාජකාරි සේවාව නිසා ජීවිත අවදානම, පීඩනය හා බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානම, වැටුප් අවම වීම වැනි කරුණු ඊට ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන 498ක් ක්‍රියාත්මක අතර පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව නිලධාරීහු අසූනවදහස් හාරසිය පනහක් එහි සේවය කරති.
(Aruna)