Sunday, February 22, 2026
Follow Us
කොවිඩ් වලින් මිදීමට තෙවන එන්නත් මාත්‍රාවක්

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිළි කර තිබේ.

ඒ අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකලා බලා ඇති බවද ඔහු සඳහන් කරයි.

වෛද්‍ය හේමන්ත හේරත්,

“මෙවැනි වෛරස් බොහොමයකට වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වා කරගෙන ගිය සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මේ අලුත් වෛරසයටත් එවැනි එන්නත් කිරීමක් විද්‍යානුකූලව සලකලා බැලුවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ලැබිලා තිබෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකලා බලනවා. ලංකාවෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුණොත් ඒකට සූදානම්වීම වැදගත් වෙනවා.”

(Aruna)