Sunday, February 22, 2026
Follow Us
කොවිඩ් වසංගතය පාලනය වෙලා කියා වරදවා වටහාගන්න එපා. අපි ලොකු අවදානමක ඉන්නේ - ඇමති චන්න

සංචරණ සීමා ලිහිල් කර ඇතත් කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි හෝ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් අවදානමක් නැතැයි යනුවෙන් කිසිවෙකු වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතු බව අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.

"අද දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ඇත්තටම රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යෑමට. ඒකෙන් වැරදි වැටහීමක් කිසිකෙනෙක් ඇතිකරගන්න නරකයි කොවිඩ් වසංගතය පාලනය වෙලා තියෙන්නෙ, ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රශ්නයක් නැහැ කියලා.

ඇත්තටම ඒ පිළිබඳ ලොකු අවදානමක අප සිටින්නේ. නමුත් මේ රට යම් ආකාරයකට විවෘත කරලා තියෙන්නෙ සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය සේවය තවත් කාර්යක්ෂම කරලා ජනතාවට සේවය ලබාදෙන්න. හැබැයි ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්න හදන්න එපා. ඒක වැරදියට පාවිච්චි කළොත් එහෙම අපට තව සති දෙක තුනක් යනකොට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මේ වෙලාවෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී රූපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශයක් කරමිනි.

(LNW)