Sunday, February 22, 2026
Follow Us
තෙවැනි මාත්‍රාවක් ලබාදීමටත් ආණ්ඩුව සූදානම් - කෙහෙළිය

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවද ලබාදීමට සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාල උපදෙස් ලබා දී ඇති බවයි ඇමතිවරයා මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ.

එන්නත් ලබාගත් පුද්ගලයන් හඳුනා ගැනීමේ පහසුව සඳහා ඔවුන්ට විශේෂ හැඳුණුම්පතක් ලබාදීමේ වැඩපිළිවෙලක්ද යෝජනා වී ඇති බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලමින් සිටින බවයි.

නවතම සංඛ‍්‍යාලේඛනවලට අනුව කොරෝනා හේතුවෙන් මියයන බහුරතයක් එන්නත් ලබා නොගත් පුද්ගලයන් බව තහවුරු වී ඇති බවත්, ඒ අනුව රටේ සමස්ත ජනතාවටම කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

(LNW)