Sunday, February 22, 2026
Follow Us
කිරි පිටි හිඟයට වෙළඳ ඇමති හේතු කියයි

කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලෝක වෙළදපොලේ භාණ්ඩ ආනයනය කිරීමට දුෂ්කරතා මතුවීම මෙරට තුළ කිරිපිටි හිගයක් ඇති වීමටද බලපා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පවතින තත්ත්වය හමුවේ කිරිපිටි සමාගම් මිල වැඩි කරන ලෙසට ඉල්ලීම්ද කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දින ගණනාවක සිට ප්‍රදේශ රැසක කිරිපිටි හිඟයක් පවතින බව නෙත් නිවුස් ඊයේ වාර්තා කළා.

වෙළදසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළදුන් සඳහන් කළේ.

(Neth)