Sunday, February 22, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගන්න ඊයේ රාත්‍රියේත් දිගු පෝළිම්

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට ලබාදී තිබෙනවා. එම එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක අතර ඊයේ රාත්‍රියේද දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිගුපෝලිම් පැවතියා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

අඛණ්ඩව සිව් වන දිනටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වු සමස්ථ කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව 2,510ක්. ඉකුත් සෙනසුරාදා සිදුවූ කොරෝනා මරණ 67ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

(Neth)