පළාත් අතර පනවා තිබෙන සංචරණ සීමා ඉවත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
හෙට දිනයේදී සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදා රාජකාරි සඳහා කැඳවීමට තීරණය කළ අතර රාජ්‍ය ආයතනවල සේවකයන් සීමා කිරීම හා නිවසේ සිට රාජකාරි කිරීමට අදාලව නිකුත් කළ සියලු චක්‍රලේඛ අහෝසි කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ පහසුව සදහා අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ.
පළාත් අතර දුම්රිය හා බස්රථ සේවා ක්‍රියාත්මක වුවද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නිරතවල පුද්ගලයන්ට හැර වෙනත් පුද්ගලයන්ට පළාත් අතර සංචරණය කිරීමේ හැකියාවක් නොමැත.
මේ වනවිට යළිත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන අතර සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඩෙල්ටා වෛරසය රටපුරා ව්‍යාප්තව ඇති බැවින් ඉදිරියේදී දැඩි අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවයි. කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවකයන්ට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් සියලු දෙනා වගකිව යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
(LNW)