Sunday, February 22, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට හෙට (01) සිට දෙවන මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඒ අනුව හෙට (01) දිනයේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගත හැකි වේ.

මීට අමතරව අනිද්දා (02) දින බත්තරමුල්ල දියත උයනේදි සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදී ලබා ගත හැකි බව යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති එන්නත් මාත්‍රා අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ඒ, ජපානය කොවැක්ස් වැඩසටහන හරහායි.

(Aruna)